ප්‍රයිම් සමූහයේ  Clover Signature Villas ඒවායෙහි හිමිකරුවන් වෙතට

ප්‍රයිම් සමූහයේ Clover Signature Villas ඒවායෙහි හිමිකරුවන් වෙතට

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය තවත් ගැනුම්කරුවන් පිරිසකගේ සිහින සැබෑ කරමින් Clover by Prime Signature Villas සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවාස ඒවායෙහි හිමිකරුවන් වෙත භාරදීමට පසුගියදා කටයුතු කළේය. ඒ සඳහා පැවති උත්සවයට විශේෂ ආරාධිතයන්, නිවාස ගැනුම්කරුවන් සහ ප්‍රයිම් සමූහයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

තලවතුගොඩ ප්‍රදේශයේ නිවාස හා ඉඩම් සඳහා ගැනුම්කරුවන් අතර ඉහළ ඉල්ලුමක් පවතී. එවැනි ඉහළ වාණිජ වටිනාකමක් සහිත ප්‍රදේශයක, සියලු පහසුකම් සමග සැහැල්ලුවෙන් ජීවත් විය හැකි පරිසරයක නිවසක් මිලදී ගැනීමට හැකි වීම සෑම නිවාස හිමියෙකුගේම සිහිනයකි. Clover by Prime Signature Villas සමගින් ඒ සිහිනය සැබෑ කිරීමට ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සමත් වී තිබේ. අක්කර 4.5 ක භූමි ප්‍රදේශයක ඉදි කර ඇති මෙම ව්‍යාපෘතිය, සුවිශේෂී ගෘහ නිර්මාණ සැලසුම් 16 කට අනුව ඉදිකළ සුඛෝපභෝගී නිවාස 54 කින් සමන්විතය.
ප්‍රයිම් සමූහ ව්‍යාපාරය තමන් ක්‍රියාවට නංවන සෑම ව්‍යාපෘතියකදීම උසස් ප්‍රමිතිය, විශ්වාසනීයත්වය සහ නිරවද්‍යතාව පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වෙයි. එමෙන්ම සෑම විටම පාරිභෝගිකයන්ට මුල්තැන දීම ප්‍රයිම් සමූහයේ තවත් කැපීපෙනෙන ලක්ෂණයකි. Clover by Prime Signature Villas නිවාස ව්‍යාපෘතියද මෙම ගුණාංග මැනැවින් නිරූපණය කරන ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකි වේ.

Clover by Prime Signature Villas නිවාස එහි හිමිකරුවන් වෙත භාරදීමට හැකි වීම සම්බන්ධයෙන් ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය:
“අප මේ සමරන්නේ ප්‍රයිම් සමූහයේ 28 වැනි Villa ව්‍යාපෘතිය සම්පූර්ණ වීමේ සතුටයි. මේ වන විට Apartments 39 ක ඉදිකිරීම් අවසන් කර එම නිවාස ඒවායෙහි හිමිකරුවන් වෙත භාර දී තිබෙනවා. අලංකාර නිමාව, සුවපහසුව සහ යහපත් වටාපිටාවක් යන සාධක එක්තැන් කරමින් පදිංචිකරුවන්ට සතුටින් ජීවත් විය හැකි නිවාස ඉදිකිරීමට අප සෑම විටම උත්සාහ කරනවා. Clover by Prime Signature Villas යනු එම උත්සාහයේ තවත් සාර්ථක ප්‍රතිඵලයක්.

මේ වන විට අපගේ ව්‍යාපෘති යටතේ ඉදිකෙරෙමින් තිබෙන නිවාස සංඛ්‍යාව 3,000 කට අධිකයි. ඒ අනුව ප්‍රයිම් සමූහය රැකියා අවස්ථා දහස් ගණනින් නිර්මාණය කරමින් සහ බදු වගකීම් සපුරාලමින් රටේ ආර්ථිකයට කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙමින් සිටිනවා. මේ සුවිශේෂී මොහොත Clover by Prime Signature Villas නිවාස හිමියන්ට සදානුස්මරණීය මතකයක් වන අතරම, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ ප්‍රයිම් සමූහයේ පුරෝගාමීත්වය යළි තහවුරු කළ අවස්ථාවක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.”
ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ දීර්ඝකාලීන සේවාදායකයෙකු වන රෙක්ස් ගුණතිලක මහතා Clover by Prime Signature Villas ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තම සතුට පළකළේ මෙසේය.
“මෙය මා ප්‍රයිම් සමාගමේ ව්‍යාපෘතියක ආයෝජනය කළ තුන්වන අවස්ථාවයි. ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින අතරතුර, බොහෝ විට පූර්ව දැනුම්දීමකින් තොරව මම කිහිප වතාවක්ම එම ස්ථානයට ගොස් තිබෙනවා. එහිදී සෑම කෙනෙකුම මට ඉතාම සුහදශීලී ලෙස සැලකුවා. ඒ වගේම ඉදිකිරීම් සුපරීක්ෂකවරයා සහ ඔහුගේ කණ්ඩායම සමග සාකච්ඡා කිරීමටත් මට හැකි වුණා. ප්‍රයිම් සමාගම තුළින් මා දුටු සුවිශේෂීම ලක්ෂණයක් වන්නේ මේ මිත්‍රශීලී බවයි. සමාගමේ සභාපතිවරයාට සහ සම-සභාපතිනියට මා හදවතින්ම සුභ ප්‍රර්ථනා කරන අතර, ඔවුන් පාරිභෝගිකයන් පිළිබඳව දක්වන සැලකිල්ල මා බෙහෙවින් අගය කරනවා. ප්‍රයිම් සමූහයේ ව්‍යපෘතිවල ආයෝජනය කිරීමට හැකි වීම මට මහත් සතුටක්”
Clover by Prime Signature Villas ව්‍යාපෘතියෙන් නිවසක් මිලදී ගත් සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් ප්‍රයිම් සමූහයට තම ස්තූතිය පළකරමින් අදහස් දැක්වූයේ මෙසේය:
“අපේ නිවසේ ලස්සන දැකගන්නට අපි Clover by Prime Signature Villas ව්‍යාපෘතිය අවසන් වන තුරු බලා සිටියේ නොඉවසිල්ලෙන්. අද දවසේ අපිට හරිම ලස්සන සන්ධ්‍යාවක් ගතකරන්නට ලැබුණා. දැන් ඉතින් අලුත් නිවසේ පදිංචියට යනතුරු අපට ඉවසිල්ලක් නැහැ. අපිට අපේ අසල්වැසියනුත් මුණගැහෙන්න ලැබුණා. ඔවුන් ඉතාම සුහදශීලී අය. මේ වගේ සුන්දර වටාපිටාවක පිහිටා තිබෙන, ඉතාමත් හොඳ අසල්වැසියන් සිටින නිවසක පදිංචි වෙන්න ලැබීමත් වාසනාවක්.

මේ ව්‍යාපෘතියේ පිහිනුම් තටාකයක්, ව්‍යායාම මධ්‍යස්ථානයක් සහ යෝගා ව්‍යායාම් කිරීමට වෙනම ස්ථානයක් ඇතුළු පහසුකම් රාශියක් තිබෙනවා. ඒ වගේම Clover by Prime Signature Villas ව්‍යාපෘතිය ඉතාම සුරක්ෂිත පරිසරයක පිහිටා තිබෙන, විශාල ඉඩකඩක් සහිත, දරුවෙකු සිටින පවුලකට ඉතාම සුදුසු ස්ථානයක් විදිහට අපට පෙනුණා. එය අපි මේ ආයෝජනය සිදුකරන්නට බලපෑ එක් ප්‍රධානතම හේතුවක්. අපට මෙවැනි ස්ථානයක පදිංචි වන්නට අවස්ථාව සලසා දීම ගැන අප ප්‍රයිම් සමූහය ස්තූතිවන්ත වෙනවා.”
පසුගිය කාලය පුරා මෙවැනි සාර්ථක ව්‍යාපෘති රාශියක් ක්‍රියාවට නැංවීමට ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සමත් විය. එම ව්‍යාපෘතිවල සාර්ථකත්වය හේතුවෙන් මෙරට නිවාස ගැනුම්කරුවන්ට ඉහළම ප්‍රමිතියෙන් යුත් සුඛෝපභෝගී නිවාස සපයන විශ්වාසනීය නාමයක් ලෙස ප්‍රයිම් සමූහය සතු ජනප්‍රියත්වය තවදුරටත් තහවුරු වී තිබේ.

නව ව්‍යාපෘතියේ නිවාස ඒවායෙහි ගැනුම්කරුවන් වෙත භාරදීම සඳහා පවත්වන ලද උත්සවයේදී අවධාරණය කරන ලද තවත් වැදගත් කරුණක් වූයේ, ප්‍රයිම් සමූහය තම කීර්තිනාමය ජාත්‍යන්තර තලය වෙතද රැගෙන යාමට සූදානමින් සිටින බවයි. ඉදිරියේදී නව හවුල්කාරීත්වයන් ගොඩනංවා ගනිමින් සහ නව වෙළඳපොළවල් ගවේෂණය කරමින් ලොව පුරා ගැනුම්කරුවන් වෙත උසස්ම තත්වයේ නිවාස සැපයීමට ප්‍රයිම් සමූහය සූදානමින් සිටී.

ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපෘති පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.primelands.lk වෙත පිවිසෙන්න. නැතිනම් 0706 859 859 අමතන්න.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )