
කෙහෙළියගේ ජීවිතයේ තීරණාත්මකම දිනය අද.!
අද (11) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ නඩුව කැඳවීමට නියමිතයි.
ඉකුත් 7 වැනිදා ඊට අදාල නඩුව කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා සලකා බැලූ මහේන් වීරමන්, ප්‍රදීප් අබේරත්න හා අමාලි රණවීර යන විනිසුරු මඬුල්ල අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගය කළා.
ඒ අනුව හෙට දින්ස් සියලුම විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීමට නියමිත යි.
එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන් ම හිටපු කැබිනට් ඇමතිවරුන් සිව් දෙනකු ද නම් කිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබෙනවා.
CATEGORIES දේශීය පුවත්