SDB බැංකුවේ යූනියන් පෙදෙසේ ශාඛාව නව මුහුණුවරකින් විවෘත කෙරේ

SDB බැංකුවේ යූනියන් පෙදෙසේ ශාඛාව නව මුහුණුවරකින් විවෘත කෙරේ

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු සමස්ත ප්‍රගතිශීලි ශ්‍රී ලාංකිකයන්ට ගැළපෙන බැංකුකරණ විසඳුම් ලබා දෙන ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන SDB බැංකුවේ ප්‍රධාන නගර ශාඛාව කොළඹ 02, යූනියන් පෙදෙසේ, අංක 167 යන ස්ථානයේදී විවෘත විය. SDB බැංකුවේ සභාපතිනි දිනිති රත්නායක සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්තගේ ප්‍රධානත්වයෙන් එම නව නගර ශාඛාව නිල වශයෙන් විවෘත කරන ලද අතර, එම අවස්ථාවට බැංකුවේ ජ්‍යේෂ්ඨ කළමනාකරණ නිලධාරීන්, SDB බැංකුවේ පාරිභෝගිකයන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

වාහන නතර කිරීමේ පහසුකම්, ATM පහසුකම් ආදී වැඩි දියුණු කළ පහසුකම් රාශියකින් සමන්විත නව නගර ශාඛාව මඟින් ඉතුරුම්, ස්ථාවර තැන්පත්, ව්‍යාපාරික බැංකුකරණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පිරිනමන ණය පහසුකම්, උකස් සේවා, ලීසිං සේවා ඇතුළු නිෂ්පාදන හා සේවා රැසක් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )