මීමැස්සන් ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් වොෂින්ටනයේදී පෙරළෙයි

මීමැස්සන් ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් වොෂින්ටනයේදී පෙරළෙයි

අමෙරිකාවේ වොෂින්ටන් නුවර කැනේඩියානු දේශසීමාව ආසන්නයේ පිහිටි මාර්ගයකදී මීමැස්සන් රැගත් ට්‍රක් රථයක් පෙරළී යෑමෙන් මිලියන 14කට අධික මීමැස්සන් තොගයක් පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීවද කිලෝ 31,751ක් වොෂින්ටන් ප්‍රාන්තයේ වයඹ දෙසට ප්‍රවාහනය කරමින් තිබූ එම ට්‍රක් රථය අනතුරට ලක්වීමෙන් පසු වොෂීන්ටන් බලධාරීන් ප්‍රදේශවාසීන්ට අනතුරු ඇඟවීමෙ නිවේදනයක් නිකුත් කර ඇති අතර, එම මාර්ගය ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

පලා ගිය මීමැස්සන්ගෙන් හැකිතාක් ප්‍රමාණයක් නැවත කූඩු කිරීම සඳහා පළපුරුදු මීමැසි පාලකයන්ගේ සහාය ලබාගෙන ඇතැයි ද වාර්තා වේ.

ට්‍රක් රථය පෙරළී යෑමට හේතුව අධික වේගය බවත්, ඒ මොහොතේ ට්‍රක් රථයේ රියැදුරු බීමත්ව සිටි බවට අනුමාන කරන බවත් එම පළාත භාර ෂෙරිෆ්වරයා ප්‍රකාශ කර තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )