මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක රිය අනතුරකින් 21ක් මරුට

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක රිය අනතුරකින් 21ක් මරුට

මෙක්සිකෝවේ මධ්‍යම පළාතේ රිය අනතුරකින් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට පියුබ්ලා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක මේ අනතුර සිදුවී ඇති අතර, වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවූ බවට මූලික පරීක්ෂණයේදී හෙළිවී ඇතැයි වාර්තා වේ.

විරුද්ධ දිශාවෙන් පැමිණි ට්‍රක් රථයක් බස් රථයක ගැටීමෙන් පසු වෑන් රථයක ද ගැටීමෙන් පුද්ගලයන් 18 දෙනකු එම ස්ථානයේදීම මරු වැලඳගත් බවත්, තවත් පුද්ගලයන් තිදෙනකු රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )