සුපිරි වෙළඳසැලේදී තරුණියට පහරදුන් 7ක් අල්ලයි

සුපිරි වෙළඳසැලේදී තරුණියට පහරදුන් 7ක් අල්ලයි

ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලක්  තුළ දී තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියන් සිව් දෙනෙක් ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි.

මෙලෙස පහර දී ඇත්තේ බොරැල්ල කොටා පාරේ සුපිරි වෙලද සැලක් තුළ දී ය.

පහර කෑ තරුණිය ඉකුත් 18 වෙනිදා  එම වෙළඳසැල තුළින් චොකලට් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පහර කෑ තරුණිය තමා හැඳ සිටි ටී ෂර්ට් එක ගලවා කිසියම් වූ තියුණු ආයුධයකින් අත කපාගෙන එම ස්ථානයෙන් පළා ගොස් තිබිණි.

අදාළ පහරදීම සම්බන්ධයෙන් එම සුපිරි වෙළඳසැලේ ම සේවකයකු වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරීමෙන් අනතුරුව එය සමාජය අතර දැඩි ආන්දෝලනයට ලක්වූ අතර ඒ සම්බන්දෙන් පොලිසියට දැඩි දෝෂාරෝපණ එල්ල විය.

පහර කෑ තරුණිය මීට පෙරද වැලිකඩ කොල්ලුපිටිය හා කොහුවල  සුපිරි වෙළඳසැල් වලින් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන්  චෝදනාවට ලක් වූ  අයිස් මත්ද්‍රව්‍ය පානයට දැඩිව ඇබ්බැහි වී සිටින තැනැත්තියක් බවත් පොලිසිය කියයි.

එම තරුණිය 25 හැවිරිදි බොරැල්ල  මැගසින්  පාර පදිංචිකාරියකි.

තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් හැටන් දෙහිඅත්තකණ්ඩිය නොර්වුඩ් පදිංචිකරුවන් ය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )