පාසල් සිසුන් සඳහා පෝෂදායී ආහාර වේලක් ලබාදීම අඛණ්ඩව

පාසල් සිසුන් සඳහා පෝෂදායී ආහාර වේලක් ලබාදීම අඛණ්ඩව

පාසල් සිසුන් සඳහා පෝෂදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ඒ අයුරින්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.

අදාළ වැඩසටහනට සම්බන්ධ සියලු පාර්ශවකරුවන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

පාසල් සිසුන්ගේ රක්තහීනතාව අඩු කිරීම ඉලක්ක කරගනිමින් ලෝක ආහාර වැඩසටනේ ආධාර මත පෝෂදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මකය.

විශේෂයෙන් පාසල් දරුවන්ගේ රක්තහීනතාව තුරන් කිරීම සඳහා යකඩ සහ ෆෝලික් අම්ලය එකතු කර සකස් කරන සබලකෘත සහල් පාසල් දරුවන්ගේ දිවා ආහාරය සදහා එකතු කිරීම ද මේ යටතේ සිදුවනු ඇත.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )