සතා නාලක සහ චන්ඩි බන්දුල නැවතත් ජනතා සේවයට.!

සතා නාලක සහ චන්ඩි බන්දුල නැවතත් ජනතා සේවයට.!

2022 මැයි 9 ගාලුමුවදොර අරගලයට පහරදීම සම්බන්ධ නඩුවේ චෝදනා ලබා සිටින විත්තිකරුවන් වන බන්දුල ජයමාන්න සහ අෂන්ත නාලක විජේසිංහ යන සැකකරුවන් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පළාත් පාලන මැතිවරණයට තරඟ වදිති.

බන්දුල ජයමාන්න නැමත්තා සීතාවක ප්‍රාදේශීය සභාව ඇස්වත්ත කොට්ඨාශයන් මැතිවරණයට තරග කරනා අතර අරාබි වසන්ත නොහොත් සතා නාලක යන අනුවර්ත නාමයන්ගෙන් හඳුන්වන අෂන්ත නාලක විජේසිංහ නමැත්තා කඩුවෙල මහ නගර සභාවට පැලවත්ත කොට්ඨාශයෙන් තරග වදී.

මැයි 9 සිදුකළ පහරදීමේදී මයිනා ගෝ ගම අසළදී තරුණයෙකුට අමානුෂික ලෙස පහර දෙනු ලබන්නේ බන්දුල ජයමාන්න නැමැත්තා වන අතර මුගුරක් රැගෙන යතුරු පැදියකින් සැරි සරමින් සිටි පුද්ගලයා අරාබි වසන්ත නොහොත් සතා නාලක යන අනුවර්ත නාමයන්ගෙන් හඳුන්වන අෂන්ත නාලක විජේසිංහ නමැත්තා වෙයි.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )