යතුරුපැදි අනතුරකින් තිදරු මවක් මරුට

යතුරුපැදි අනතුරකින් තිදරු මවක් මරුට

කහතුඩුව – පොල්ගස්ඕවිට හන්දියේදී යතුරුපැදියක් පෙරළි සිදුවූ අනතුරකින් තුවාලලත් කාන්තාවක රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව කහතුඩුව පොලිසිය පවසයි.

මිය‌ගොස් ඇත්තේ, පිළියන්දල තුන්බෝවිල පදිංචිව සිටි ඩී.කේ ශිරෝමනී නමැති 47 හැවිරිදි තිදරු මවකි.

විදේශගතව සිට මෑතකදී මෙරටට පැමිණි බව කියන මොරගහහේන පදිංචි තම සහෝදරයා බැලීමට ගොස් නිවසට එමින් සිටියදී අනතුර සිදුව ඇත.

ප්‍රදේශවාසින් එක්ව එම කාන්තාව වෑතර දිසා රෝහලට කඩිනමින් ඇතුළත් කර ඇතත්  ඒ්වන විටත් ඇය මියගොස් සිටි බවද පොලිසිය පවසයි.

ග්‍රාමීය වශයෙන්  සමාජසේවා කටයුතු වල නිරතව සිටි ඇය ප්‍රදේශවාසීන්ගේ හිතදිනාගත් කාන්තාවකි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )