
සෙලෙන්ස්කිට චාල්ස් රජුගෙන් උණුසුම් පිළිගැනීමක්
යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජු හමුවී තිබේ.
එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම්හි දී මෙම හමුව සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
යුක්‍රේන ජනාධිපතිවරයාව එහිදී උණුසුම් ලෙස පිළිගෙන ඇති බව සඳහන් වේ.
එම හමුව පැයකට ආසන්න කාලයක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නායකයින් දෙදෙනා අතර සිදුවු සාකච්ඡාව ඉතා යහපත් මට්ටමක පැවති බව ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත.
CATEGORIES විදෙස් පුවත්