සාංචිය ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පළමු සූර්ය නගරය බවට පත් වේ

සාංචිය ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පළමු සූර්ය නගරය බවට පත් වේ

පුනර්ජනනීය බලශක්තිය උපරිම භාවිතය සඳහා මධ්‍ය ප්‍රදේශ් රජයේ වැඩසටහන යටතේ සම්පූර්ණයෙන්ම සූර්ය බලය මත ක්‍රියාත්මක වන මධ්‍ය ප්‍රදේශ් හි ප්‍රථම නගරය ලෙස සාංචි නගරයේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ව්‍යාපෘතිය පසුගියදා (06) ඇරඹිණ.

ඒ අනුව මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය මහඇමති ශිව්රාජ් සිං චෞහාන් මහතා සාංචි හි ගොඩනැගිලි වහල මත සූර්ය බලාගාර ස්ථාපනය කිරීම, පසුගිය දා සර්වඥ ධාතූන් වහන්සේලා සහ අග්‍රශ්‍රාවක ධාතුන් එකම ස්ථානයක වැඩසිටින ලෝකයේ එකම පුදබිම වන Unesco ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සාංචි පුදබිමෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණ.

මීට ශතවර්ෂ ගණනාවකට පෙර ලෝකයට සාමයේ පණිවිඩය ලබාදුන් සාංචිය මුළු ලෝකයේම සම්භාවනාවට පාත්‍රවූ ස්ථානයකි. දැන් එය සූර්ය බලශක්තිය ඵලදායී ලෙස භාවිතා කිරීමේ පණිවිඩය ලෝකයට ලබාදෙමින් ඇත.

කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 14,000කට වඩා අඩු කරන බවත්, එය ගස් 238,000 ක් වැවීමට සමාන වන බවත් ප්‍රධාන අමාත්‍යවරයා පවසයි,

පරිසර දූෂණය අවම කෙරෙන විද්‍යුත් වාහන දිරිමත් කර විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන හතරක් සහ ඊ-රික්ෂෝ ආරෝපණ මධ්‍යස්ථාන තුනක් සාංචි හි පිහිටුවා තිබීමෙන් මාසයකට රුපියල් ලක්ෂ 9කට වැඩි ඩීසල් ඉතිරියක් සිදුවන බවත් ඒ තුළින් වාර්ෂික විදුලි වියදමෙන් මිලියන 7.68 ක ඉතිරියක් වනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එම අවස්ථාවට සාංචි චේතියගිරි විහාරාධිකාරී පූජ්‍ය බානගල විමලතිස්ස හිමියෝ ද විහාරවාසී උඩුගම තපස්සි හිමියෝ ද මහජන සෞඛ්‍ය හා සුබසාධන අමාත්‍ය ශ්‍රී ප්‍රභුරාම් චෞද්‍රි මහතා ඇතුළු ඇතුලු විශාල පිරිසක් එක් වූහ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )