කෙනඩිගේ සහ මාටින්ගේ ඝාතන ලිපිගොනු ප්‍රසිද්ධියට පත් කරන්නැයි ට්‍රම්ප්ගෙන් නියෝග

කෙනඩිගේ සහ මාටින්ගේ ඝාතන ලිපිගොනු ප්‍රසිද්ධියට පත් කරන්නැයි ට්‍රම්ප්ගෙන් නියෝග

අමෙරිකානු ඉතිහාසයේ වඩාත්ම අපකීර්තියට පත්වූ ඝාතන ත්‍රිත්වයකට අදාළව රජය සතු ලිපිගොනු ප්‍රසිද්ධියට පත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇතැයි ද, එම ලිපි ගොනු ප්‍රසිද්ධ කිරීමෙන් දශක ගණනාවක් පුරා අබිරහසක් බවට පත්වූ සිදුවීම් රැසක් හෙළිවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට වසර 60කට පෙර සිදුවූ හිටපු ජනාධිපති ජෝන් එෆ්.කෙනඩි, සුප්‍රකට කළු ජාතිකයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් අරගල කළ මාටින් ලූතර් කිං සහ හිටපු සෙනෙට් සභික රොබට් එෆ් කෙනඩිගේ ඝාතන පිළිබඳ මහජනතාවට දැනගැනීමට අවස්ථාව ලැබිය යුතු බවට අවධාරණය කරමින් ජනාධිපතිවරයා එම නියෝගය නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )