චීනයේ තනිකඩයෝ වැඩි වෙති

චීනයේ තනිකඩයෝ වැඩි වෙති

චීනයේ තරුණ පරපුර අතර තනිකඩව සිටීම තෝරාගන්නා තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එරට සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය දශකය තුළ චීනයේ විවාහ සංඛ්‍යාලේඛන අඩකින් පමණ පහත වැටී ඇතැයි ද, මේ වසරේදී එය වසර 40කට පසු අඩුම අගය වනු ඇතැයි ද අනාවැකි පළ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. චීනයේ මේ වනවිට අවිවාහක පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 230 ඉක්මවා ඇති බවත්, තරුණ තරුණියන් එරට සමාජ ව්‍යුහයේ සැලකිය යුතු වෙනසක් අත්විඳිමින් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ වනවිට චීනයේ සාම්ප්‍රදායික විවාහ සහ පවුල් ජීවිතයෙන් තොර නිදහස හා ස්වාධීනත්වය අගයන තරුණ පරපුරක් බිහි වීමට හේතු වී ඇත්තේ විවාහ ජීවිතය සඳහා අධික පිරිවැයක් දැරිමට සිදුවීම බවද වාර්තා වේ. තනිකඩව සිටීමෙන් උපරිම නිදහස අත්විඳීමට අවස්ථාව ලැබීමත්, විවාහ ජීවිතයේ වගකීම්වලින් නිදහස් වීමට අවස්ථාව ලැබීමත් තනිකඩ ජීවිත කෙරෙහි චීන තරුණ පරපුර නැඹුරුවීමට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )