බොලිවුඩ් නළු සයිෆ්ට පිහියෙන් ඇනපු හොරාව අල්ලයි

බොලිවුඩ් නළු සයිෆ්ට පිහියෙන් ඇනපු හොරාව අල්ලයි

බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාර එල්ල කළ සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ මුම්බායි නගරයේ දී පොලිසිය විසින් මෙම සැකකරුව අතඅඩංගුවට ගෙන තිබේ.

ඉකුත් බ්‍රහස්පතින්දා අලුයම් කාලයේ දී නිවසට ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙකු සමඟ සයිෆ් අලි ඛාන්ගේ නිවසේ ඇති වූ ගැටුමකදී ඛාන් පිහි ඇණුමකට ලක් වී රෝහල්ගත කෙරුණි.

සයිෆ් සැත්කමකින් අනතුරුව මේවන විට සුවය ලබමින් සිටී.

පොලීසිය සීසීටීවී දර්ශන ඔස්සේ සිදු කරන ලද පරීක්ෂණ මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරු සොරකමක් සිදු කිරීමට නිවසට ඇතුළු වී ඇති බවයි.

අදාළ සැකකරු සයිෆ් සිටි මහල් නිවාසයෙන් පලා යන ආකාරය දැක්වෙන CCTV කැමරාවල පටිගතවූ දර්ශන පොලිසිය මාධ්‍යයට නිකුත් කර තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )