ට්‍රම්ප්ගේ තර්ජන මැද කැනඩාව දේශසීමා ආරක්‍ෂාව තර කරයි

ට්‍රම්ප්ගේ තර්ජන මැද කැනඩාව දේශසීමා ආරක්‍ෂාව තර කරයි

නව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආනයනික කැනේඩියානු භාණ්ඩ සඳහා ඉහළ තීරුබද්දක් අයකරන බවට සිදුකර ඇති තර්ජනය හේතුවෙන් ඇමරිකා – කැනඩා දේශසීමාව හරහා සංවිධානාත්මක අපරාධකරුවන් හා නීතිවිරෝධී සංක්‍රමණිකයන් හුවමාරුවීම වැළැක්වීමට පියවර ගන්නා බවට කැනඩා රජය ප්‍රතිඥා දී තිබේ. මේ යටතේ සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු

නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඇමරිකා – කැනඩා දේශසීමාව හරහා ගමන් කිරීමත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය නතර කිරීම සඳහා එම දේශසීමාවේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගන්නා බවත් කැනඩා රජය පවසා තිබේ.

නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමා ලබන ජනවාරි 20 වැනිදා ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු ඇමරිකානු – කැනඩා දේශසීමාව හරහා ඇමරිකාවට නීතිවිරෝධී සංක්‍රමණිකයන් හා මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට කැනඩාව පියවර නොගන්නේ නම් කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක තීරුබද්දක් පනවන බවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )