බිරිඳ ඝාතනය කළ මෙල්බන් ශ්‍රී ලාංකිකයාට වසර 37ක‍ට සිර දඩුවම්

බිරිඳ ඝාතනය කළ මෙල්බන් ශ්‍රී ලාංකිකයාට වසර 37ක‍ට සිර දඩුවම්

තම බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙක් වන දිනුෂ් කුරේරා මිනීමැරුම් චෝදනාවට වරදකරු වී තිබේ.

ඒ අනුව ඔහුට වසර 37ක සිරදඩුවම් පැනවීමට අධිකරණය නියෝග කර ඇත.

ඔහුගේ බිරිඳ වූ නෙලෝමි පෙරේරාගේ මරණය සම්බන්ධයෙන් මාසයක පමණ කාලයක් නඩු විභාගය පැවති අතර ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ ආත්මාරක්ෂාව සඳහා තම බිරිඳට පහර දුන් බවටයි.

මෙම සිද්ධියට අදාළව 47 හැවිරිදි දිනුෂ් කුරේරා මිනීමැරුම් චෝදනාවට වරදකරු කිරීමට වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණ ජූරි සභාව පැය තුනක පමණ කාලයක් සාකච්ඡා කර තිබූ බව සඳහන්වේ.

දිනුෂ් කුරේරා 2022 වසරේ දෙසැම්බර් 3 වැනිදා තම බිරිඳ ඝාතනය කළ බව පිළිගත් අතර ආත්මාරක්ෂාව සඳහා ක්‍රියාමාර්ගයක් ගත් බව පවසමින් මිනීමැරුම් චෝදනාවට වරද පිළිගෙන තිබුණේ නැත.

ඔහු නඩු විභාගය අතරතුර ජූරි සභාවට පැවසුවේ මෙල්බන් නිවසේ ආරවුලක් අතරතුර බිරිඳ පිහියක් පෙන්වා තමාට තර්ජනය කර ඇඟිල්ල සපා කෑ බවයි.

43 හැවිරිදි මෙම ශ්‍රී ලංකික කාන්තාව තුවාල 35 ක් ලබා මියගොස් සිටි බව නීතිඥයින් ජූරි සභාවට දැනුම්දී තිබුණි.

එමෙන්ම මෙම ගැටුම අතරතුර 17 හැවිරිදි තම පුත්‍රයාට නිවසින් පලා යාමට උත්සාහ කිරීමේදී පහර දීම ද සැකකරු ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම යුවළගේ දරුවන් දෙදෙනාගෙන් ද සති හතරක පමණ කාලයක් සාක්ෂි විමසීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද දිනුෂ් කුරේරා හට වසර 37ක සිර දඩුවම් පැනවීමටයි පියවර ගෙන තිබේ.

 

මූලාශ්‍ර – AUSLANKA

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )