වාහන ආනයනය පෙබරවාරියේ සිට – ක්‍රමවේදය ගැ​න ජනපති කියයි

වාහන ආනයනය පෙබරවාරියේ සිට – ක්‍රමවේදය ගැ​න ජනපති කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වාහන ආනයනය සම්බන්ධයෙන් (18) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේය.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, වාහන වෙළෙඳපොළ ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවයි.

කාණ්ඩ තුනකින් වාහන වෙළෙඳපොළ විවෘත කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. මගී ප්‍රවාහන බස් හා විශේෂ කාර්යන් සඳහා භාවිත කරන මෝටර් රථ වාහන පසුගිය 14 වැනිදා සිට ආනයනය කිරීමට විවෘත කර බව, අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

භාණ්ඩ ප්‍රවාහනය සඳහා සහ පෞද්ගලික භාවිතය සඳහා මෝටර් රථ ආනයනයට විවෘත කර ඇති බව සඳහන්වේ.

පෞද්ගලික ප්‍රයෝජන සඳහා මෝටර් රථ ආනයනය ලබන වසරේ පෙබරවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඇතුළත් කර ඇති බව ජනාධිපතිවරයා කියාසිටියේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )