
ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය වැඩි කිරීමට අවධානය
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් , රජයේ අවධානය යොමු කරන බව සභානායක ඇමැති බිමල් රන්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවසීය.
ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුකරනු ඇතැයිද සභානායකවරයා පැවසීය.
ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලී මුදල සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
CATEGORIES දේශීය පුවත්