ගෝල් මාවල්ස් හිමිකරු රිමාන්ඩ්

ගෝල් මාවල්ස් හිමිකරු රිමාන්ඩ්

මහනුවර පල්ලේකැලේහි පැවැත්වෙන “ලංකා T 10 සුපර් ලීග්” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරුවන ඉන්දීය ජාතිකයා ලබන16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එම සැකකරුව අද (12) උදෑසන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම සැකකරු තරඟ පාවාදීම සම්බන්ධයෙන් යෝජනාවක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයකට සිදුකර ඇති බවත් එම ක්‍රීඩකයා ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දී අතර සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන් අනතුරුවයි.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )