සිරියානු රජය බිඳ වැටීම අමෙරිකානු ඊශ්‍රායල කුමන්ත්‍රණයක්

සිරියානු රජය බිඳ වැටීම අමෙරිකානු ඊශ්‍රායල කුමන්ත්‍රණයක්

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ පාලනය බිඳ වැටීම අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ සැලසුමක් බව ඉරානයේ අාධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අසාඩ්ගේ රජය බිඳ වැටීම සම්බන්ධව ඔහු සිරියාවේ අසල්වාසී රාජ්‍යයකට ද චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගියදා ටෙහෙරාන් නුවර දේශනයකට එක්වෙමින් ඉරාන අාධ්‍යාත්මික නායකයා පළමුවරට සිරියාවේ තත්ත්වය පිළිබඳ ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත්තේ සිරියාවේ සිදුවූයේ අමෙරිකානු සියොන්වාදී කුමන්ත්‍රණයක් බවට කිසිදු සැකයක් නොමැති බවය.

අමෙරිකාව සහ ඊශ්‍රායලය බෂාර් අල් අසාඩ් ධුරයෙන් නෙරපා හැරීමේ ප්‍රධාන කුමන්ත්‍රකරුවන් බවත්, සිරියාවේ අසල්වැසි රටක් ඒ සඳහා සහාය ලබාදුන් බවත් අයතුල්ලා අල් කමේනි සඳහන් කර තිබේ. විශේෂිත රටක් නම් නොකරමින් ඉරාන අාධ්‍යාත්මික නායකයා ප්‍රකාශ කර ඇත්තේ තුර්කිය, ලෙබනනය, ඉරාකය සහ ජෝර්දානය වැනි රටවල් සිරියාවේ අසල්වාසීන් වන බවය. සිරියානු රජයට සහ එහි ස්ථාවරත්වයට එල්ල වී ඇති තර්ජන පිළිබඳ දිගු කාලයක සිට ඉරාන බුද්ධි අංශය අනතුරු අඟවා තිබූ බවත්, සිරියානු ජනාධිපතිවරයා එම අනතුරු නොසළකා හැර ඇති බවත් ඉරාන අාධ්‍යාත්මික නායකයා සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )