ජෙරොම් ප්‍රනාන්දු කතෝලික සභාවට අයිති නැහැ

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික සභාවේ රදගුරුවරයකු නොවන බවත්, එබැවින් එහි සභාවේ සාමාජිකයන් ඔහුට නොරැවටිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

“කතෝලික පල්ලියේ නිල අපෝස්තලික අනුප්‍රාප්තිය නොමැති ජෙරොම් ප්‍රනාන්දු, කතෝලික රදගුරුවරයකු නොවන බැවින් එවැනි තොරතුරුවලට නොරැවටෙන ලෙස අපගේ කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් රදගුරු සම්මේලනයේ මහලේකම් ගරු ජේ.ඩී. ඇන්තනි ජයකොඩි පියතුමාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“කතෝලික රදගුරුතුමා යනු යේසුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ අනුප්‍රාප්තිකයන්ගේ අඛණ්ඩ පැවැත්මකි.”

ප්‍රේරිතයන්ගේ ප්‍රධානියා වන අපොස්තුළු පේතෘස් හැර සෑම කතෝලික බිෂොප්වරයෙකුම අපෝස්තුළුවරුන් එකොළොස් දෙනෙකුගේ සෘජු අනුප්‍රාප්තිකයන්ගෙන් කෙනෙකි.”

‘ශාන්ත පීතර තුමාගේ අධ්‍යක්ෂ අනුප්‍රාප්තිකයා පාප්තුමායි,” එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )