
ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති අවසන් ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයකට මුහුණ දීමට සිදුවිය.
එය ලකුණු 109ක දැවැන්ත පරාජයකි.
එම පරාජයත් සමග 2023-2025 ටෙස්ට් ලෝක කුසලානය ගැන තබා තිබුණ බලාපොරොත්තුව බිඳ දමා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. සිව්වැනි දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 143ක් වැනි ඉතා පහසු ඉලක්කයකි.
ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්
ඒ ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ප්‍රමාණය පහසු කරවීම නිසාය. කෙසේ වෙතත් ඒ බලාපොරොත්තුව බිඳ දමමින් තරගයේ අවසාන දිනයේදී ධනංජය ද සිල්වා දැවී ගියේ සියලු බලාපොරොත්තු බිඳ දමමිනි.
කුසල් සහ ධනංජය ලකුණු 97ක සබඳතාවක් පැවැත්වුවද ඔවුන් දෙදෙනා ක්‍රීඩාගාරයට ගිය පසු දකුණු අප්‍රිකානුවන්ට ඉතිරි කඩුලු ත්‍රිත්වය ලබාගැනීම ඉතා පහසු විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ලකුණු 109ක පරාජයක් හිමි විය.
දකුණු අප්‍රිකාවේ බෙබරා ක්‍රීඩාංගණයේදී අවසන් වූ 2 වැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදුන් අතර දකුණු අප්‍රිකාවේ පළමු ඉනිම ලකුණු 358කට සීමා විය.
රයන් රිකර්ටන් එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් ශතකයක්ද වාර්තා කළේය.
දකුණු අප්‍රිකාවේ පළමු ඉනිම ගොඩනගන්නට කයිල් සහ නායක ටෙම්බා බවුමා සමත් වූයේ පිළිවෙලින් ලකුණු 105ක් සහ 78ක් ලබා ගනිමිනි.
පළමු ඉනිමේ කඩුලු බිඳ දැමීමේදී ළහිරු කුමාර කඩුලු 4ක් ද, අසිත ප්‍රනාන්දු කඩුලු 03ක් ද, විශ්ව ප්‍රනාන්දු කඩුලු 02ක් ද ලබාගත්හ.
පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 328කට සියල්ල දැවී ගියේය.
එහිදී පැතුම් නිශ්ශංක ලකුණු 89ක් ද කමිඳු මෙන්ඩිස් ලකුණු 48ක් ද ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 30ක් පිටුපසින් සිට සිය පළමු ඉනිම අවසන් කරනු ලැබීය.
ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු ලබාගැනීමේදී පැටර්සන් කඩුලු 05ක් ලබාගත් අතර මැර්කෝ වින්සන් සහ කේෂන් මගරා කඩුලු 02 බැගින් බිඳ දැමූහ.
ලකුණු 30ක් ඉදිරියෙන් සිට ඇරඹූ දකුණු අප්‍රිකානු 2 වැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 317කට සීමා විය.
දකුණු අප්‍රිකාවේ නායක බවුමා පැවති තරග දෙකේ ඉනිම් 4 දීම අර්ධ ශතක හතරක් රැස්කර ගැනීමද විශේෂත්වයකි. දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේ කඩුලු 05ක් ලබා ගන්නට ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරියට හැකි වූ අතර විශ්ව ප්‍රනාන්දු කඩුලු 02ක් ද, ළහිරු කුමාර හා අසිත එක් කඩුල්ලක් බැගින් ද බිඳ හෙලූහ.
ඒ අනුව ජයගත යුතුම දෙවැනි තරගය ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය වූයේ ලකුණු 348කි.
සිව්වන දිනයේදී ශ්‍රී ලංකාව සිය ඉලක්කය කරා ගමන් කරන අතරේ මුල් පෙළ අසාර්ථක වෙද්දී නායක ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ බලාපොරොත්තු ක්‍රිකට් ලෝලීන් තුළ තබා තිබිණි.
කෙසේ වෙතත් තරගය අවසන් දිනයේ ඒ සියල්ල බොඳවී ගියේ නායක ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් දැවී යෑමෙනි. ඒ අනුව අවසන් ටෙස්ට් තරගය ලකුණු 109කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. තරගයේ වීරයා සම්මානය ඩේන් පැටර්සන් දිනාගත් අතර තරගාවලියේ වීරයා නායක ටෙම්බා බවුමාට හිමි විය.
දකුණු අප්‍රිකානු පළමු ඉනිම 358
රයන් රිකර්ටන් 101
ටෙම්බා බවුමා 78
කයිල් 105
පළමු ඉනිම ශ්‍රී ලංකා පන්දු යැවීම
ළහිරු කුමාර 79/4
අසිත ප්‍රනාන්දු 102/3
විශ්ව ප්‍රනාන්දු 65/2
ශ්‍රී ලංකා පළමු ඉනිම 328
පැතුම් නිශ්ශංක 89
දිනේෂ් චන්දිමාල් 44
කමිඳු මෙන්ඩිස් 48
ඇන්ජලෝ මැතිව් 44
දකුණු අප්‍රිකානු පළමු පන්දු යැවීම
මාකෝ ජන්සන් 100/2
ඩේන් පැටර්සන් 71/5
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම 317
එඩ්න් මාක්‍රම් 55
ටෙම්බා බවුමා 66
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පන්දු යැවීම
ප්‍රභාත් ජයසූරිය 129/5
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම 238
ධනංජය ද සිල්වා 50
කුසල් මෙන්ඩිස් 46
දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ පන්දු යැවීම
කේෂව් මහරාප් 76/5