මැතිව්ස් ටෙස්ට් ලකුණු 8000 ඉක්මවයි

මැතිව්ස් ටෙස්ට් ලකුණු 8000 ඉක්මවයි

සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

ඒ අද (6) පැවැති ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී නොදැවී ලකුණු 40ක් ලබාගනිමිනි.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකළ තුන්වැනි ක්‍රීඩකයා ද වේ.

මෙහි පෙරමුණේ පසුවන්නේ හිටපු ක්‍රීඩක කුමාර සංගක්කාර වන අතර ඔහු ලකුණු 12,400ක් ලබා ගැනීමට සමත්විය.

මහේල ජයවර්ධන ටෙස්ට් ලකුණු 11,814ක් ලබා ගැනීමට සමත්ව තිබේ.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )