
හම්බන්තොට වරායට ඩො. මි. 41ක ආයෝජනයක්
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) තම බහාලුම් මෙහෙයුම් තවදුරටත් වැඩි දියුණු කරමින්, අති නවීන දොඹකර තාක්ෂණයක් සඳහා ඩොලර් මිලියන 41ක සැලකිය යුතු ආයෝජනයක් කොට ඇත. ගැන්ට්‍රි දොඹකර (QC) හතරක් සහ රබර් ටයර් ගැන්ටි්‍ර දොඹකර (RTG) දහතුනක් මෙම නවීකරණයට ඇතුළත් වන අතර, එමගින් සම්මත අඩි 20 බහාලුම් (TEU) මිලියනයක් හැසිරවීමේ හැකියාව හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සතු වේ. නව යන්ත්‍රෝපකරණ 2025 ජනවාරි මස මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.
නොවැම්බර් 30 වැනි දින De Qiang 66 නෞකාවෙන් පැමිණි QC හතර, මීටර් 65ක දිගක් ඇති ද්විත්ව එසවීම් (Twinlift) වලින් සමන්විත වන අතර, ටොන් 50 ක තනි එසවීම්, ටොන් 65ක ද්විත්ව (tandem) එසවීම් සහ underhook බාල්කය යටතේ ටොන් 75ක බර ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව ඇති අතර ගරාදියට ඉහළින් (above rail) මීටර් 42 ක් සහ පහළින් (below) මීටර් 20ක ඔසවන උසක් සපයයි.
HIP හි දැනට ක්‍රියාත්මක යන්ත්‍රෝපකරණ සමග එක්වන නව දොඹකර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමට මාස දෙකකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
“මෙම නව දොඹකර මගින් HIP හි බහාලුම් හැසිරවීමේ හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ශ්‍රී ලංකාවේ පරිපූර්ණ බහුකාර්ය වරායක් ලෙස ස්ථානගතවීම අපගේ අදිටනයි.” HIPG හි ප්‍රධාන විධායක නිලධාරි විල්සන් ක්ව් මහතා පවසයි. එසේම හම්බන්තොට සහ කොළඹ අතර feeder සේවා ඉක්මනින් ස්ථාපිත කිරීම තුළින් භාණ්ඩ ප්‍රවාහන කාර්යක්ෂමතාව ඉහළ නංවා, වෙරළාශ්‍රිත නාවික ජාලය වැඩිදියුණු වීමත් සමග, 2025 – 2026 අතර TEU මිලියන 10ක් හැසිරවීමේ ඉලක්කයට ශ්‍රී ලංකාව සමීප වනු ඇතැයි ප්‍රධාන විධායක නිලධාරිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.