කාම්බෝජයෙන් කුලී මවුවරුන් 13කට සිර දඬුවම්

කාම්බෝජයෙන් කුලී මවුවරුන් 13කට සිර දඬුවම්

කුලී මවුවරුන් ලෙස දරු ගැබ් දරාගෙන සිටි පිලිපීන කාන්තාවන් 13 දෙනකුට මිනිස් ජාවාරමට සම්බන්ධ වීමේ චෝදනා මත වසර හතරක සිර දඬුවම් පැනවීමට කාම්බෝජ අධිකරණයක් මගින් පියවර ගෙන තිබේ. අදාළ කුලී මවුවරුන් 13 දෙනාට එරෙහිව වසර හතරක සිර දඬුවමක් පනවා ඇති කාම්බෝජයේ කණ්ඩාල් පළාත් අධිකරණය එම සිර දඬුවම වසර දෙකකට අත්හිටුවා තිබේ.

අධිකරණයට අනුව චූදිත කාන්තාවන් 13දෙනා කුලී මවුවරුන් වී ඇත්තේ ඔවුන් විසින් දරා සිටින දරුවන් ඉපදීමෙන් පසු තෙවන පාර්ශ්වයකට මුදල්වලට දරුවන් අලෙවි කිරීම සඳහා වන අතර එම ක්‍රියාව මිනිස් ජාවාරමට අයත් වුවකි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )