කොටස් වෙළෙඳපොළ රෙකෝඩ් පිට රෙකෝඩ් තියයි!

කොටස් වෙළෙඳපොළ රෙකෝඩ් පිට රෙකෝඩ් තියයි!

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය අද (04) දින වාර්තා කළේය.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 171.69කින් ඉහළ ගොස් ඒකක 13,511.73ක් ලෙසින් සටහන් විය.

එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වන ඒකක 13,462.4 සීමාව ඉක්මවා යාමකි.

2022 වසරේ ජනවාරි 19 දින එම අගය වාර්තා වී තිබුණි.

රු. බිලියන 5.21ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී ඇත.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )