ඩොලරයෙන් ඈත්වුණොත් බලාගෙනයි රටවල් 9කට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඩොලරයෙන් ඈත්වුණොත් බලාගෙනයි රටවල් 9කට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

අමෙරිකානු ඩොලරයට ආදේශකයක් ලෙස ප්‍රතිවාදී මුදල් ඒකකයක් හඳුන්වාදීමට උත්සාහ ගන්නේ නම් එම රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩවලට 100% ක් තීරුබදු අය කරන බව ලබන 20 වැනිදා ජනපති ලෙස දිව්රුම් දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ ඩොලරයෙන් ඉවත්වීමට බ්‍රික්ස් සමුළුවට අයත් රටවල් උත්සාහ ගැනීම හේතුවෙන් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව ඇතුළුව රටවල් 9ක් නව මුදල් ඒකකයක් සම්බන්ධව අවධානය යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )