චීනයේ නව විවාහ ලියාපදිංචිය පහත වැටෙයි

චීනයේ නව විවාහ ලියාපදිංචිය පහත වැටෙයි

ආර්ථික පීඩනය සහ අසාර්ථක විවාහ ජීවිත පිළිබඳ තොරතුරු රැසක් වාර්තා වීම හේතුවෙන් චීනයේ තරුණ තරුණියන් අතර විවාහ වීමේ ප්‍රතිශතය සැලකිය යුතු අයුරින් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා එරට සිවිල් සබඳතා පිළිබඳ අමාත්‍යාංශය නිකුත් කළ දත්ත සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය වසරේ පළමු කාර්තු 3දී මිලියන 5.69ක් වූ චීනයේ නව විවාහ මේ වසරේ පළමු කාර්තු 3දී මිලියන 4.74ක් දක්වා පහත වැටී ඇති අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 16.6% ක අඩුවීමක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. වර්තමානය වන විට චීනයේ තරුණ තරුණියන් සිය පෞද්ගලිකත්වයට සහ වෘත්තීය සංවර්ධනයට ප්‍රමුඛතාව ලබා දී ඇති බවත්, යුග දිවියට පිවිසීම ප්‍රමාද කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

නව විවාහ පහත වැටීම උපත් අනුපාතය පහළ යෑමට ද හේතුවී ඇති අතර, තරුණ තරුණියන් විවාහ වීමට සැලකිලිමත් නොවීම හේතුවෙන් වයස්ගත ජනගහනය වැඩිවීම සහ කම්කරු ශ්‍රමය හිඟවීම වැනි ගැටලු ද මතු වනු ඇතැයි වාර්තා වේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )