
මාලිමාව ජයගත යුතුයි කියා කීවේ නෑ
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන ජනබල වේගයට වැඩි බලයක් හිමි විය යුතු යැයි තමා කිසිලෙසකින් ප්‍රකාශ නොකළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
’පුංචි ඡන්දයත් මාලිමාවටම දෙන්නලු’ යන සිරස්තලයෙන් දිවයින ඉරිදා සංග්‍රහයේ ඊයේ (1 දා) පළ වූ පුවත ගැන කරුණු දක්වමින් හෙතෙම මේ බව කීවේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවට විරුද්ධ සියලු බලවේග එක් කර ගනිමින් ශක්තිමත්ව සහ සාර්ථකව ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බවද හෙතෙම සඳහන් කළේය.
CATEGORIES දේශීය පුවත්