“ජය ශ්රී” වාරණ නියෝගය කඩ කර සිංදු කිව්වේ නැතිලු
ගායක හා සංගීත සංයෝජක අරුණ ලියාන් මහතා විසින් සිය බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් “ජය ශ්රී” සංගීත කණ්ඩායමේ ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොණු කර ඇති අධිකරණයට අපහාස කිරිමේ නඩු විභාගයේදී තමන් විසින් අධිකරණය විසින් වාරණය කර තිබු ගීත එකී කාල සීමාව තුල ගායනා නොකල බවට රෝහිත ජයලත් මහතා විසින් සාක්ෂි ලබා දී ඇත.
ඉකුත් 26 වැනිදා කොළඹ වාණිජ මහාධිකරණයේ දී මෙම නඩුව විභාගයට ගෙන තිබුණි.
අනතුරුව නැවතත් එකී නඩුව 2025 ජනවාරි මස 30 දිනැතිව දෙපාර්ශවයේ ලිඛිත දේශනා ගොණු කිරිම සදහා කැදවීමට නියම කර ඇත.
මෙහිදි පෙත්සම්කාර අරුණ ලියාන් මහතා වෙනුවෙන් නීතිඥ සදූන් සේනාධිපති මහතා පෙනි සිටි අතර වගඋත්තරකාර ජයලත් සහෝදරයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනි සිටියේය.
CATEGORIES දේශීය පුවත්