මල්වතු ඔය ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර අවදානමක්

මල්වතු ඔය ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර අවදානමක්

මල්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අනුරාධපුර, වව්නියා හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මල්වතු ඔය ද්‍රෝණියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, වව්නියාව දිස්ත්‍රික්කයේ වෙන්ගලචෙඩ්ඩිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ නැනඩ්ඩාන්, මූසාලෛ, මඩු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පහත්බිම් වලට ඉදිරි පැය 48 සඳහා මෙලෙස ගංවතුර ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )