ට්‍රම්ප් නම් කළ නීතිපතිවරයා ඉල්ලා අස් වේ – කාන්තාවකට නීතිපති පුටුව

ට්‍රම්ප් නම් කළ නීතිපතිවරයා ඉල්ලා අස් වේ – කාන්තාවකට නීතිපති පුටුව

ඇමෙරිකානු ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය රජයේ නීතිපතිවරයා වශයෙන් නම් කර තිබූ මතභේදාත්මක පුද්ගලයකු වූ මැට් ගෙට්ස් එම තනතුරෙන් ඉවත් වීම හේතුවෙන් නව නීතිපතිවරයා වශයෙන් සිය දිගුකාලීන මිතුරියක් මෙන්ම පළපුරුදු නීතිඥවරියක වන පැම් බොන්ඩි පත් කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබේ.

වසර 20කට ආසන්න කාලයක් නීතිඥවරියක් ලෙස කටයුතු කර ඇති පැම්, 2016 වසරේ සිට ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නීතිඥ කණ්ඩායමේ සාමාජිකාවක ලෙස කටයුතු කර ඇති අතර ඔහුගේ මුදල් සම්බන්ධ නඩු විභාගවලදී පෙනී සිටි අයකු ලෙසද ප්‍රකටය. ට්‍රම්ප් රජයේ නව නීතිපතිවරිය ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නීතිපතිවරිය ලෙසද කටයුතු කර තිබේ.

පැම් බොන්ඩි ට්‍රම්ප් රජයේ නීතිපතිවරිය ලෙස පත්ව ඇත්තේ ට්‍රම්ප් විසින් මුලින් ඇමෙරිකා එක්සත් ජනපදයේ නීතිපතිවරයා වශයෙන් නම් කළ මතභේදාත්මක හැසිරීම් රටාවක් සහිත නීතිඥවරයකු වන මැට් ගෙට්ස් එම තනතුරෙන් ඉල්ලා අස් වීම නිසා වන අතර ගෙට්ස් ගේ නීතිවිරෝධී හැසිරීම් රටාව සම්බන්ධයෙන් ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ආචාරධර්ම මණ්ඩලය විසින්ද විමර්ශනයක් පවත්වා තිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )