
ඉන්දීය සංගීතඥ ඒ.ආර් රහුමාන් දික්කසාද වෙයි
ඔස්කාර් සම්මානලාභී සංගීත නිර්මාණකරුවෙකු වන ඒ.ආර් රහුමාන් සහ ඔහුගේ බිරිඳ සයිරා බානු දික්කසාද වන බව ඊයේ (19) නිතිඥයින් මාර්ගයෙන් දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
මෙම යුවළට විවාහ වී වසර 29ක් වන අතර ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටීයි
ඔහු මේ පිළිබඳව සිය X ගිණුමෙහි සටහනක් තබමින් වෙන්වීමේ වේදනාව පිළිබඳ ප්‍රකාශ කර තිබෙයි
මේ වෙන්වී යෑම තුළ එකිනෙකාගේ ගෞරුත්වය මෙන්ම පෞද්ගලිකත්වය ආරක්ෂා කරන මෙන් ඉල්ලා සිටියි.
CATEGORIES විදෙස් පුවත්