හෙස්බුල්ලා සාමාජිකයන්ගේ පේජර් යන්ත්‍ර පුපුරුවා හැරීමට නියෝග දුන්නේ මමයි

හෙස්බුල්ලා සාමාජිකයන්ගේ පේජර් යන්ත්‍ර පුපුරුවා හැරීමට නියෝග දුන්නේ මමයි

ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් සතු පේජර් පණිවුඩ යන්ත්‍ර හා සෙසු සන්නිවේදන උපාංග පුපුරුවා හැරීමට අනුමැතිය දෙනු ලැබුවේ තමා විසින් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ. ඒඑෆ්පී පුවත් සේවය සඳහන් කරන්නේ එම මාරාන්තික පිපිරීමට ඊශ්‍රායලය සම්බන්ධ බවට පිළිගනු ලැබූ පළමු අවස්ථාව මෙය බවය.

ඉරානයේ සහාය ලැබෙන බව කියන හෙස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන්ට දරුණු පහරක් එල්ල කළ එම පණිවුඩ හුවමාරු යන්ත්‍ර පිපිරවීම සම්බන්ධයෙන් එම සංවිධානය මීට පෙර ඊශ්‍ර­ායලයට චෝදනා එල්ල කළ අතර, පළිගන්නා බවට ද ප්‍රතිඥා දී තිබිණි.

ලෙබනනයේ පේජර් මෙහෙයුමට අනුමැතිය දුන් බව නෙතන්යාහු තහවුරු කළ බව ඔහුගේ ප්‍රකාශක ඔමේර් ඩොස්ට්‍රි ඒඑෆ්පී පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ. ලෙබනනයේ වීදිවල, සුපිරි වෙළෙඳ සංකීර්ණවල සහ අවමංගල උත්සවවල පවා හෙස්බුල්ලා සාමාජිකයන් අතැතිව සිටි එම පේජර් යන්ත්‍ර පිපිරීම සිදුවූයේ පසුගිය සැප්තැම්බර් මාසයේ මැද භාගයේදිය. ඉන් පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් තුන්දහසකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )