
නීති විරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කරන බව ට්‍රම්ප් කියයි
නීතිවිරෝධී අයුරින් ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණ සිටින සංක්‍රමණිකයන් විශාල වශයෙන් රටින් පිටුවහල් කිරීම හැර ඇමෙරිකාවට ඔවුන් සම්බන්ධයෙන් ගතහැකි විකල්ප ක්‍රියාමාර්ගයක් නොමැති බව නව ඇමෙරිකානු ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයට පෙර රට පුරා පැවැති සිය මැතිවරණ රැලිවල නව ජනාධිපති ට්‍රම්ප් විසින් සිය ආධාරකරුවන්ට පවසා තිබූ ප්‍රධාන කරුණක් වූයේ තමා බලයට පත්වූ පසු ඇමෙරිකාවට පැමිණ සිටි නීතිවිරෝධී සංක්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. ඔහු සිය මැතිවරණ ව්‍යාපාරය පුරාම තවමත් ජනාධිඅති ධුරයේ සිටින ජෝ බයිඩන්ගේ රජයේ සංක්‍රණික ප්‍රතිපත්තීන් විවෙචනයට ලක් කර තිබිණි.
මේ අතර ඉකුත්දා පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඇතැම් ප්‍රාන්තවලට අයත් මැතිවරණ කොට්ඨාසවල ඡන්ද ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත්ව නොමැති බැවින් ඊයේ (08දා) දහවල් වනවිට ද ඇමෙරිකානු ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත්ව නොතිබිණි. ඊයේ දහවල් වනවිට ප්‍රකාශයට පත්ව තිබූ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විද්‍යාල සඳහා නියෝජිතයන් තෝරාපත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව ප්‍රකාශයට පත් කර තිබූ ඡන්ද විද්‍යාල ඡන්ද 527ක ප්‍රමාණයෙන් 301ක් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත හිමිව තිබූ අතර කමලා හැරිස්ට හිමිව තිබුණේ ජන්ද 226ක ප්‍රමාණයකි. ඇමෙරිකානු මැතිවරණ නීතියට අනුව එරට ජනාධිපතිවරණයේ නිල සමස්ත ඡන්ද ප්‍රතිඵලය නොවැම්බර් 11 වැනිදාට පෙර ප්‍රකාශයට පත්කිරීමට අවසරයක් නොමැති අතර ඡන්ද ගණනය කිරීමේ කටයුතු නිවැරදිව සිදු කිරීමේ අරමුණින් එම නීතිය පනවා ඇති බව වාර්තාවේ. මේ අතර ඊයේ දහවල් වනවිට ප්‍රකාශ කර තිබූ ඡන්ද ප්‍රතිඵලවලට අනුව ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට අයත් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ හා මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ජනාධිපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට හිමිව තිබිණි. මේ අතර ජනාධිපති ට්‍රම්ප් විසින් ඉදිරියේ පත් කිරීමට නියමිත සිය නව කැබිනට් මණ්ඩලයට එක්ස් (කලින් ට්විටර් ) සමාජ මාධ්‍ය ජාලයේ හිමිකරු මෙන්ම ප්‍රකට බිලියනපති ව්‍යාපාරිකයකු වන එලෝන් මස්ක් මෙන්ම හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ගේ ඥාති පුත් රොබට් එෆ් කෙනඩි ) කනිෂ්ඨ අයත් වනු ඇතැයි විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.