ශකීබ්ගේ සියලුම බැංකු ගිණුම් ඉවරයි

ශකීබ්ගේ සියලුම බැංකු ගිණුම් ඉවරයි

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශකීබ් අල් හසන්ගේ සියලුම බැංකු ගිණුම් බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය (BFIU) විසින් තහනම් කර ඇතැයි එරට බැංකු ප්‍රකාශක Husne Ara Shikha මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් මෙම තොරතුරු තහවුරු කළේය.

මීට පෙර, ඔක්තෝබර් 2 වැනිදා, බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය විසින් ශකීබ් අල් හසන්, ඔහුගේ බිරිඳ Umme Ahmed Shishir සහ ඔහුගේ ව්‍යාපාරික ආයතනවල සියලුම බැංකු ගිණුම් තොරතුරු ඉල්ලා සිටියේ, කොටස් වෙළෙඳපොල හැසිරවීම් සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයක කොටසක් ලෙස ය.

ශකීබ් මේ වන විට සිය පවුලේ අය සමඟ එක්සත් ජනපදයේ රැඳී සිටීම හේතුවෙන් ඔහුට ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලිය අහිමිවනු ඇතැයි වාර්තා වේ. ඊට හේතුව එම තරගාවලිය බංග්ලාදේශයේ පැවැත්වීමයි.

කෙසේ වෙතත් මෙම තුන්ඉරියව් ක්‍රීඩකයා පසුගිය සැප්තැම්බර් අග දී, තමා ටෙස්ට් සහ T20I තරඟවලින් විශ්‍රාම යන බව නිවේදනය කළේය.

ශකීබ් මේ වන විට 37වැනි වියෙහි පසුවේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )