ජනපතිගේ ක්‍රියාකලාපය නිසා ජනතාව අතරමංවෙලා

ජනපතිගේ ක්‍රියාකලාපය නිසා ජනතාව අතරමංවෙලා

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති අපේක්ෂකයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක ජනතාවගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබාදෙන පාර්ලිමේන්තුවේ බහුතරය සමගි ජන බලවේගයෙන් නිර්මාණය කිරීම එකම විසඳුම වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ දී පැවති ජන හමුවකදීය.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ වේදිකාවේ රජයේ සේවකයන් වෙනුවෙන් මාස හයෙන් හයට වැටුප් වැඩි කිරීම, බදු මිල, ඉන්ධන මිල, විදුලි බිල අඩු කර පාස්පෝට් පෝලිමට විසඳුම් ලබා දෙනවා කිව්වක් කිසිවක් සිදු නොවු බවත් විදුලි බිල 33%කින් අඩුකරන බවත් හොරකම අල්ලස දුෂණය නිසා විදුලි බිල වැඩිවන බව පැවසුවත් අද විදුලි බිල අඩු නොවන්නේ ද මේ දුෂණය නිසා ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කරනවා කිව්වත් සාමාන්‍ය ජනතාව පාරිභෝජනය කරන සහල්වත් දරාගත හැකි මිලකට දිය නොහැකි බවත් මෑත කාලයේ පොල් පෝලිම් ද ඇතිව තිබෙන බවත් මහතා පැවසීය.

වැට්, සෘජු හා වක්‍ර බදු අඩු කරන බවත් අයිඑම්එෆ් එක සමග සාකච්ඡා වට දෙකක් තිබුණත් ප්‍රතිඵල කිසිත් නොමැති බවත් වත්මන් ජනාධිපතිවරයා අයිඑම්එෆ් එකේ හිරකරුවකු බවට පත්ව ඇති බවත් පැවසීය.

පාස්පෝට් පෝලිමට විසඳුම් දෙනවා කිව්ව රජය දැන් කියන්නේ අත්‍යාවශ්‍ය නම් පාස්පෝට් ගන්න බවත් ජනාධිපතිවරයා පත් කරන්න රජරටින් ආව අයත් අද පාස්පෝට් පෝලිමේ බවත් මේ රජයට රට මුහුණ දෙන ගැටලුවලට විසඳුම් දෙන්න බැරි බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )