ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතා­ව­ටත් අමෙ­රි­කාවේ බලය අල්ලයි

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතා­ව­ටත් අමෙ­රි­කාවේ බලය අල්ලයි

ලොවම බලා සිටි අමෙ­රි­කාවේ ජනා­ධි­ප­ති­ව­ර­ණය නිමා­වට පත්වූයේ 78 හැවි­රිදි ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතා­ව­ටත් ජනා­ධි­පති ධුර­යට පත් කර­මිනි. මීට පෙර 2016 දී අමෙ­රි­කාවේ 45 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පළමු වතා­වට ධවල මන්දි­ර­යට ගිය මේ රිප­බ්ලි­කානු අපේ­ක්ෂකයා මෙවර ධවල මන්දි­ර­යට යන්නේ 47 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස­ටය. ඔහු හමුවේ පරා­ජ­යට පත්වූයේ 60 හැවි­රිදි කමලා හැරිස් ය. ඇය වත්මන් ජනා­ධි­පති ජෝ බයිඩ්න්ගේ උප­ජ­නා­ධි­ප­ති­ව­රිය වූවාය.

මිලි­යන 160කට අධික ඡන්ද­දා­ය­ක­යන් ප්‍රමා­ණ­යක් සිය ඡන්දය භාවිත කළ ද, ජන­පති හා උප­ජ­න­පති තෝරා­ගනු ලබන්නේ එක් එක් ප්‍රාන්ත­වල ස්ථාපිත කර ඇති සමස්ත නියෝ­ජි­ත­යන් 538 දෙන­කු­ගෙන් සම­න්විත Electoral College ක්‍රම­වේ­ද­යෙන් බැවින් ජන­පතිවීමට ලබා­ගත යුතු මුළු ඡන්ද ප්‍රමා­ණය ඉන් 270ක් පමණි. ඡන්ද ප්‍රති­ඵල ප්‍රකා­ශ­යට පත් වීමේ අන්තිම මොහොත වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් එම Electoral College ඡන්ද 279ක්ම ලබා සිටි අතර, කම­ලාට ලැබි තිබුණේ ඡන්ද 223ක් පමණි. ඒ වෙද්දී තවත් ප්‍රාන්ත 4ක ඡන්ද ප්‍රකා­ශ­යට පත් කිරී­මට ඉති­රිව තිබිණි. ඒ වෙද්දී ට්‍රම්ප් ඡන්ද මිලි­යන 71කුත්, කමලා හැරිස් ඡන්ද මිලි­යන 66කුත් ලබා සිටි­යහ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )