ජනපති ලේකම් හා මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්

ජනපති ලේකම් හා මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්යය නන්දික සනත් කුමානායක මහතා සහ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘා පැට්‍රික් මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුව තිබේ.

එහිදි වංචා දූෂණ අවම කිරීමට පළාත් පාලන ආයතන පිළිබඳ බ්‍රිතාන්‍යයේ පවතින ක්‍රමවේදය දෙපාර්ශවයේ සාකච්ඡාවට ලක්ව ඇත.

ඒ අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ හැකි බව ද මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම දෙරට අතර පවතින ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව ද බ්‍රිතාන්‍ය මහකොමාසාරිස්වරයා එහිදි ප්‍රකාශ කර තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )