ඇමරිකාව සම්බන්ධයෙන් චීන ප්‍රතිපත්තිය කියයි

ඇමරිකාව සම්බන්ධයෙන් චීන ප්‍රතිපත්තිය කියයි

ඇමරිකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය එසේ ප්‍රකාශ කළේ ඊයේ(6) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵලය චීනයේ විදේශ ප්‍රතිපත්තිය හෝ චීන-ඇමරිකා සම්බන්ධතාවයට කෙසේ බලපා හැකි දැයි එහිදී මාධ්‍යවේදියෙක් විමසීය.

ඊට පිළිතුරු ලබා දෙමින් ඇය පැවසුවේ ඇමරිකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බවයි. අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී සහජීවනය සහ සහයෝගීතාවෙන් පොදු ජයග්‍රහණ ලබා ගැනීම යන මූලධර්මයට අනුකූලව අඛණ්ඩව චීන-ඇමරිකා සම්බන්ධතාවය ක්‍රියාත්මක වන බව ඇය සඳහන් කර ඇත.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )