ඉන්දියාව හා කැනඩාව අතර අර්බුදය උග්‍ර වෙයි

ඉන්දියාව හා කැනඩාව අතර අර්බුදය උග්‍ර වෙයි

කැනඩාවේ හින්දු කෝවිලකට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ.

අදාළ ප්‍රහාරය හිතාමතා සිදුකර ඇති ප්‍රහාරයක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත.

මෙවැනි ප්‍රචණ්ඩක්‍රියා මඟින් ඉන්දීය අධිෂ්ඨානය කිසිවිටෙකත් දුර්වල කිරීමට හැකියාවක් නොමැති බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති අතර රටවල් දෙකෙහිම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නෙරපා හැරීමට එම රටවල් පියවර ගෙන තිබුණි.

එවැනි අවස්ථාවක පසුගිය ඉරිදා දිනය් කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ පිහිටි හින්දු කෝවිලකට එල්ල වූ ප්‍රහාරය සමග තවදුරටත් දෙරට අතර විරසකය උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )