ලොව විශාලතම කිඹුලා මිය යයි

ලොව විශාලතම කිඹුලා මිය යයි

ලොව විශාලතම කිඹුලා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටි ‘කැසියස්’ නමැති කිඹුලා මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා ඔස්ට්‍රේලියාවේදී මියගිය බවට වාර්තා වන ‘කැසියස්’ ලොව වයස්ගතම කිඹුලන් අතර තුන්වැනි ස්ථානයේ සිටි බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අඩි 18ක් දිගැති ‘කැසියස්’ ගේ බර ටොන් එකකට වඩා වැඩි බවත්, ඔස්ට්‍රේලියාවේ ග්‍රීන්ස්ලන්ඩ් සංචාරක නගරයේ වසර 37ක් පුරා ජීවත්ව සිටි බවත් වැඩිදුරටත් වාර්තා වේ.

කාලයක් රෝගාතුරව සිටි ‘කැසියස්’ මිය ගියද අප්‍රිකාවේ සිටින ලොව වයස්ගතම කිඹුලන් වන ‘හෙන්රි’ (අවුරුදු 124) සහ ‘බිග් ඩැඩී’ (අවුරුදු 121) තවම ජීවත් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )