රුසියානු සටන් බිමේ සිටින උතුරු කොරියානු හමුදාව ගැන පියවර ගන්න

රුසියානු සටන් බිමේ සිටින උතුරු කොරියානු හමුදාව ගැන පියවර ගන්න

යුක්රේනයට එරෙහිව සටන් වැදීම සඳහා උතුරු කොරියානු හමුදා සෙබළුන් යුද බිමට එවීමට රුසියාව කටයුතු කිරීම සම්බන්ධව පියවර ගන්නා ලෙස යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි අමෙරිකාව ඇතුළු සිය මිත්‍ර රටවලින් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු කොරියානු හමුදාවත් යුද පෙරමුණට පැමිණීම නිසා මේ වන විට යුද බිමේ තත්ත්වය රුසියාවට එරෙහි යුද්ධය පැවති වසර දෙකට වඩා බරපතළ වී ඇතැයි ද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

උතුරු කොරියානු හමුදාව ස්ථානගත වී සිටින ප්‍රදේශය සිය හමුදාව හොඳින්ම දැන සිටියත් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීමට මිත්‍ර රටවල අවසරය අවශ්‍ය බවද සෙලෙන්ස්කි සඳහන් කර තිබේ.

එබැවින් තවදුරටත් මේ පිළිබඳ බලා සිටීම පසෙකලා අවශ්‍ය පියවර ගන්නා ලෙස යුක්රේන ජනාධිපතිවරයා අමෙරිකාව ඇතුළු සිය මිත්‍ර රටවලට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )