පාකිස්තානයේ පිපිරීමක්

පාකිස්තානයේ පිපිරීමක්

නිරිතදිග පාකිස්තානයේ සිදුකළ පිපිරීමකින් පාසල් ළමුන් 5 දෙනෙක් ඇතුළු 7 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

එම ප්‍රහාරයෙන් 23 දෙනෙක් තුවාල ලබා ඇති බව සඳහන් ය.

එරට බලධාරීන් පැවසුවේ පෝලියෝ එන්නත් වැඩසටහනකට සම්බන්ධ වී සිටි පිරිසක් රැගෙන ඒමට ගිය පොලිස් වෑන් රථයක් ඉලක්ක කර එම ප්‍රහාරය එල්ලකර තිබුණි.

එහිදී එක් පොලිස් නිලධාරියෙක් ද මියගොස් තිබේ.

එම පොලිස් රථය මාර්ගයේ ධාවනය වන විට කාන්තා පාසලක් අසල නවතාතිබූ යතුරුපැදියක සවිකර තිබූ බෝම්බයක් පුපුරුවා හැර තිබුණි.

එම ප්‍රහාරයේ වගකීම කිසිවෙක් බාරගෙන නොමැත

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )