Future Leader 2024 සම්මාන උලෙල සාර්ථකව අවසන් වේ

Future Leader 2024 සම්මාන උලෙල සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලාංකීය පාසැල් ලමුන්ගේ දක්ෂතා අගයන Future Leader සම්මාන උලෙල දෙවෙනි වරටද අහස මීඩියා සහ යූ ඩී සර්විසස් සංවිධාන දායකත්වයෙන් පසුගියදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී අති සාර්ථකව පැවැත්වුනි.
අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්,ව්‍යාපාරිකයන්,සමාජ සේවකයන් සහ තවත් ක්ෂෙත්‍ර ගණනාවක පිරිසක් මෙහිදී ආරාධිතයන් ලෙස සහභාගී විය.
මෙහිදී ලංකාවේ ලාබාලතම රූපලාවන්‍ය ශිල්පිනිය ලෙස කොලඹ ජාත්‍යන්තර පාසැලේ මහනුවර ශාඛාවේ ඉගෙනුම ලබන මෙනුගි මනුල්‍යා සම්මානයට පාත්‍ර විය.
ඇයට හිමි සම්මානය ඔටෝ ඒෂියා ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය වන ආචාර්ය ත්‍රිෂංගි සොනාලි මහත්මිය අතින් ලබාගන්නා අවස්ථාව චායාරූපයෙන් දැක්වේ. ප්‍රවීණ අධ්‍යාපනවේදී ආචාර්ය අරුණ ධම්මික කරුණාරත්න මහතාද චායාරූපයේ පෙනී සිටියි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )