අද රට ඉදිරියට යන්නේ රනිල් ගොඩනඟපු ආර්ථික වැඩපිළිවෙළ නිසයි

අද රට ඉදිරියට යන්නේ රනිල් ගොඩනඟපු ආර්ථික වැඩපිළිවෙළ නිසයි

අද මේ රට ඉදිරියට යන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගොඩනඟපු ආර්ථික වැඩපිළිවෙළ නිසා බවත් ජනතා විමුක්ති පෙරමුණ බලය ලබාගැනීමට වේදිකාවේ ඉදිරිපත් කළ කිසිදු පොරොන්දුවක් ඉටු කිරීමට නොහැකි වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව ගෝල්ඩන් ස්ටාර් හෝටලයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

ආපු ගමන් මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් එලවනවා කීවා. රනිල් වික්‍රමසිංහ ආර්ථික වැඩපිළිවෙළ ජනතාව හුරා කනවා කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම සංශෝධනය කරනවා කිව්වා. විවිධ පොරොන්දු දුන්නා. නමුත් බලය අරගෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ඉදිරියට අරගෙන යන එක ගැන සතුටු වෙනවා. මේ අය වේදිකාවේ කියපු දේවල් කරන්න ගියොත් රට වැටෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක මේ අය ඉදිරියට යනවා. එහෙම බැලුවම අපියි ඒ අය අතර වෙනසක් නැහැ.

මාලිමාට අපි කෙරෙහි සමාජය තුළ වෛරය, ඊරිසියාව වපුරලා තමයි ජනතාවගේ ඡන්දය ගත්තේ. ඒ අයට මහ පොළොවේ වාසිය තියෙද්දී මහ මැතිවරණ අභියෝගය අපි භාර ගත්තේ ලබන මාර්තු ඉඳන් මිනිස්සුන්ට කියපු බොරු පෙන්නලා දෙන්න ඕනේ. අපිට ආණ්ඩුව එපා. ඒ අයට ආණ්ඩුව දෙන්න. අපිට ප්‍රබල විපක්ෂයක් දෙන්න. ඒ අය ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරනවද නැද්ද කියලා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට බලය දෙන්න. අනුර කුමාර මහතාට රට කරන්න බැහැ. පළපුරුද්ද, අද්දැකීම නැහැ.

අද රට ඉදිරියට යන්නේ රනිල් ගොඩනඟපු ආර්ථික වැඩපිළිවෙළ නිසයි – හිටපු මන්ත්‍රී නිමල් ලාන්සා
බිත්තර මිල වැඩිවෙනකොට කීවා රුපියල් දහයක් ඇමැතිගේ සාක්කුවට යනවා කියලා. දැන් බිත්තරයේ මිල හතළිස් පහයි, පනහයි. දැන් ඒ මුදල යන්නේ අනුරට ද හරිනිට ද විජිතට ද? අපි කියන්නේ නැහැ ඒ අය ගන්නවා කියලා. අපේ අය ගත්තෙත් නැහැ. මේ වෙළෙඳපොළ තත්ත්වයන් නිසා මිල අඩු වැඩි වෙන්නේ. ඉල්ලුම සැපයුම නිසා. මිල වැඩි වෙනකොට ආනයනය කරලා හරි දෙන්න ඕනේ. බිත්තරය මිල වැඩි වෙනකොට එය පාලනය කිරීමට අපි ආනයනය කරලා ජනතාවට දුන්නා.

අද පොල් මිල ඉහළ ගිහිල්ලා, හාල් මිල ඉහළ ගිහිල්ලා. මේ අයට මේක පාලනය කරගන්න බැහැ. ජනතාව පීඩාවට පත් වෙලා. අද නාඩු හාල් පෝලිම්, පොල් පෝලිම් ඇතිවලා. මේ අයට ජනතාවගේ ගැටලු විසඳන්න බැහැ. අද ජවිපෙට ඡන්දය නොදුන්න අයත් ජවිපෙට දුන්නා කියනවා. මාර්තු වෙනකොට ජවිපෙට දුන්න අයත් දුන්නේ නැහැ කියනවා.

ප්‍රාදේශීය සභාවේ හිටපු අය පාර්ලිමේන්තුවට ඇවිත් කොහොමද රට කරන්නේ. ගෝඨාභයගේ වියත්තු ආවා වගේ තමා. රට කරන්න බැරි වෙනවා. ඒ නිසා ප්‍රබල විපක්ෂයක් රටට අවශ්‍යයි. පහුගිය මැතිවරණ ප්‍රතිඵල අනුව අපිට මන්ත්‍රී ආසන තිස්හතක් එනවා. විපක්ෂයේ සියලු දෙනා එකතු කරගෙන විපක්ෂ නායක ධුරය අපි ගන්නවා. අයවැය මාර්තු දාපු ගමන් ජනතා ප්‍රතිලාභ නොමැති වෙනකොට, රට කරන්න බැහැ කියලා ජනතාවට තේරෙනකොට ජනතාව විරුද්ධ වීමට පටන් ගන්නවා. එතකොට අපි විපක්ෂයේ කාර්යභාරය කරනවා.

වෙනසක් ඇති කරනවා කීවා. කිසිම වෙනසක් කරලා නැහැ. තරුණයන්ට තැන දෙනවා කීවා. කාන්තාවන්ට මුල්තැන දෙනවා කීවා. අද අපේක්ෂක ලැයිස්තුවේ සියයට පහක්වත් නැහැ. පවුල් දේශපාලනය අයින් කරනවා කීවා. අද තාත්තයි, පුතයි ඡන්දය ඉල්ලනවා. නෝනයි, මහත්තයයි ඡන්දය ඉල්ලනවා. කියපු එකක්වත් අද කරන්නේ නැහැ. අද ජවිපෙ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්නේ මාලිමාවේ අය නෙමේ. ජවිපෙ අය ඉන්නේ. පාර්ලිමේන්තුවට ඇවිත් ඕන දෙයකට අත උස්සන කණ්ඩායමක් හදන්න එහෙම කරලා තියෙන්නේ.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )