
වැටුප් වැඩිකරන්න බැරි නම් වෙන් කළ මුදල්වලට මොකද වුණේ?
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (23) වෘත්තීය සමිති සංගම් නියෝජිත හමුවකදී ය.
තමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා නම් ලබන ජනවාරියේ සිට අදාළ වැටුප් වැඩිවීම ලබාදීමට සැලසුම් කර තිබූ බවත් අදාළ වැටුප් වැඩිවීම වත්මන් ආණ්ඩුවට දිය නොහැකි නම් ඊට වෙන් කෙරුණු මුදල්වලට සිදුවූයේ කුමක්දැයි ආණ්ඩුව වහා හෙළි කළයුතු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කොළඹ මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණි.
CATEGORIES දේශීය පුවත්