යුද බිමෙන් උතුරු කොරියානු සෙබළුන් ඉවත් කරන්න

යුද බිමෙන් උතුරු කොරියානු සෙබළුන් ඉවත් කරන්න

සෙබළුන් සිය ගණනාවක් යුක්රේනයට එරෙහිව රුසියානු යුද බිමට යැවීම සම්බන්ධව උතුරු කොරියාව ගත් තීරණය ගැන විමසීමට දකුණු කොරියාව එරට රුසියානු තානාපතිවරයා කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු කොරියානු හමුදා වහාම ඉවත් කර ගන්නා ලෙස දකුණු කොරියාවේ නියෝජ්‍ය විදේශ ඇමැති කිම් හොං ක්යුන් පසුගියදා රුසියානු තානාපති ජෝර්ජි සිනොවිව්ට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

උතුරු කොරියාවේ විශේෂ බළකා සෙබළුන් 1,500ක් පමණ රුසියාවට පැමිණ ඇතැයි ද, ඔවුන් යුද්ධයට හුරුවීමෙන් පසු ඉදිරිපෙළ යුද බිමට යෑමට ඉඩ ඇතැයි ද දකුණු කොරියාවේ ඔත්තු සේවාව ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එමෙන්ම උතුරු කොරියාවේ අතිරේක හමුදා භටයන් ද ඉක්මනින් රුසියාවට යැවීමට සැලසුම් කර ඇති බවත් දකුණු කොරියානු ඔත්තු සේවාව සඳහන් කර ඇතැයි වාර්තා වේ. යුක්රේනයට එරෙහිව භාවිත කිරීමට උතුරු කොරියාව විසින් රුසියාවට ආයුධ සපයන බවට දිගු කාලයක සිට දකුණු කොරියාව චෝදනා එල්ල කර ඇති අතර, පසුගිය ජූනි මාසයේදී උතුරු කොරියානු නායකයා රුසියාව සමඟ හමුදා ගිවිසුමකට ද අත්සන් තබා ඇතැයි ප්‍රකාශ කර තිබේ.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )