නව විදේශ ගමන් බලපත්‍රය ලබන සඳුදා සිට

නව විදේශ ගමන් බලපත්‍රය ලබන සඳුදා සිට

නව විදේශ ගමන් බලපත්‍රය ලබන සඳුදා සිට නිකුත් කරන බව ඇමති විජිත හේරත් මහතා කියයි.

ඇනවුම් කර ඇති විදේශ ගමන් බලපත්‍රවලින් පළමු තොගය හෙට මෙරටට ලැබීමට නියමිතයි.

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය හෙවත් ඊ පාස්පෝට් සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ වාරණ නියෝගයක් පවතී.

එම නිසා ඊට අදාල ටෙන්ඩර් කැඳවීමක් සිදු නොවන බවත්, අධිකරණ නියෝගය ඉවත් කිරීමෙන් පසුව ඒ පිළිබඳ අවධානය යොමු කරන බවත් ඇමතිවරයා සඳහන් කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )