
නැගීඑන ආසියානු කුසලානය තරඟාවලිය අද ඇරඹේ
ආසියාවේ නැඟීඑන ක්‍රිකට් කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
ශ්‍රී ලංකා සංචිතයට ක්‍රිඩකයන් 15 දෙනකු ඇතුළත් වන අතර එහි නායකත්වය ලබන්නේ ළහිරු උදානයි.
මෙම මස 18 වැනිදා සිට 27 දක්වා ඕමානයේදී පැවැත්වෙන මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ විස්සයි – 20 තරග ආකෘතියෙනි.
මෙවර ශ්‍රී ලංකාව තරගාවලියේ ් කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන අතර බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං යන රටවල් ් කාණ්ඩයට ඇතුළත්ය.
ඊ කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය තරග කරයි.
තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය
ලහිරු උදාර (නායක), යශෝධ ලංකා, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, පවන් රත්නායක, එෂාන් මාලිංග, දිනුර කළුපහණ, ප්‍රමෝද් මධුෂාන්, ඉසිත විජේසුන්දර, අහන් වික්‍රමසිංහ, කවිඳු නදීෂාන්, නිමේෂ් විමුක්ති, දුෂාන් හේමන්ත, රමේෂ් මෙන්ඩිස්.
CATEGORIES ක්‍රීඩා පුවත්